බලපත්‍රයක් නිකුත් කිරීමට අල්ලස් ගත් නිලධාරියෙකුට වසර 22ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම්

තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක ගසක් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීමේ චෝදනාවට වරදකරු වූ ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය අද (25) බරපතළ වැඩ ඇතිව වසර 22ක සිරදඬුවමක් සහ රුපියල් 30,000ක් දඩයක් නියම කළා.

එම දඩ හා සිරදඬුවම්වලට අමතරව අල්ලස් පනතේ 26 වැනි වගන්තිය අනුව අල්ලස් ලෙස ගත් රුපියල් ලක්ෂයක මුදල දඩයක් ලෙස අයකර ගැනිමට ද නියෝග කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිරදඬුවමක් ප්‍රධාන සිරදඬුවමට අමතරව ගෙවී යන පරිදි මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 17 (4) වගන්තිය යටතේ අගතියට පත් ලීමෝල් හිමියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට අමතරව නියම වුණා.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ වී. එම්. කමල් මංජුල නමැති 67 හැවිරිදි අනුරාධපුර පදිංචි හිටපු වන ඉඩම් නිලධාරියකුටය.

වරද සිදු කළ දිනට මාස 6කට පසු විත්තිකරු විශ්‍රාම යෑමට නියමිතව සිටියා.

දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා චූදිතට විශ්‍රාම වැටුප් හිමිකම ද අහිමි වනු ඇති.

මහවැලි කලාපවල පදිංචිකරුවන් ඔවුන්ගේ ඉඩම්වල පිහිටි ගස් කැපීමේදී කලාප කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වනවා.

පැමිණිලිකරු එම ඉඩම්වල ගස් මිලදී ගෙන ඒවා කුට්ටිකර මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ලීමෝල් හිමිකරු ඔහු මිල දී ගත් ගස් කැපීම සඳහා ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිටි විට විත්තිකරු එයට අනුමැතිය දීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා තිබෙනවා.

ලීමෝල් හිමිකරු ඉන් රුපියල් 25,000ක මුදලක් දී තිබෙනවා.

එවිට ඉඩම් හිමිකරු ගස් තුනක් කැපීම සඳහා පමණක් බලපත්‍ර නිකුත් කර ඉතිරි බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් 75,000ක් ඉල්ලා තිබෙනවා.

ලීමෝල් හිමිකරු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දුරකතන ඇමතුමක් මගින් පැමිණිල්ලක් දී තිබෙනවා.

උපයා දූතයකු යොදවා විත්තිකරු අල්ලස් මුදල් ගන්නා අවස්ථාවේදී 2016 වසරේදි මාර්තු 18දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අල්ලසක් ඉල්ලා භාර ගැනීම සහ එයට අනුබල දීම ඇතුළු වැරැදි 6කට අල්ලස් පනතේ 19 (අ) සහ (ඇ) වගන්ති යටතේ චෝදනා ගොනුකර තිබුණා.

විත්තිකරුට එරෙහි පැමිණිල්ල විසින් ඉදිරිපත්කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව සනාථකර ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

පෙරියන්කුලම ප්‍රදේශයේ පදිංචි එච්. කරුණාරත්න නැමැති ලීමෝල් හිමියකු විසින් මෙම පැමිණිල්ල කර තිබූ අතර ඔහුට බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම වුණා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සමඟ සහකාර අධ්‍යක්ෂ (නීති) කසුන් ගුණවර්ණසූරිය මහතා පැමිණිල්ල මෙහෙය වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05