AFC Banner
Empty Ad
Empty Ad

බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අග්බෝගේ ජීවිතය යළිත් අනතුරේ

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුරවීමෙන් ජීවිත අවධානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීන් පවසනවා.

මේ වනවිට අග්බෝගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව ඇවිද යාමේ දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අග්බෝ ඇතා මුල්වරට අසනීප වී ඇති බව අනාවරණය කර ගන්නා ලද්දේ තිරප්පනේ උලගල්ල ප්‍රදේශයේ දී ඉකුත් වර්ෂයේ ජූලි මස 07 වනදා.

එදින පටන් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් හා නිලධාරීන් විසින් අවස්ථා 102ක දී විවිධ ස්ථාන හා ප්‍රදේශවල දී අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරුණා.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ විටින්විට සුවය ලැබුවත් පාදයේ තුවාල මෙතෙක් නිට්ටාවට ම සුව වී නැහැ.

එම නිසා මේ දිනවල දිවා කාලවල දී ද අග්බෝ ඇතා ගම්වැදීමට යළි ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

තිරප්පනේ උලගල්ල, කණුමුල්ලේගම, වන්නම්මඩුව, ඇතුන්ගම, පිත්තලකොන්ඩෑරුම හා අලිස්ථාන යන ගම්මානවල අග්බෝ ඇතු මේ දිනවල වාසභූමිය කරගනිමින් ජනතාව සමීපයට ඒම ආරම්භ කර තිබෙනවා.

පාදයේ ඉදිමීම උත්සන්නවීම නිසා ඇතාගේ ජීවිතයට දැන් තර්ජනයක් එල්ල වී ඇති බවයි ජනතාව පවසන්නේ.

එසේම ගම්මානවලට පැමිණෙන අග්බෝ පන්නා දැමීම සඳහා අලි වෙඩි දැමීමෙන් දැඩි හිංසනයක් ඇතාට එල්ල වී තිබෙනවා.

අලි වෙඩි ඇතාගේ ශරීරයේ වැදුනත් එම සත්වයා නිසොල්මන්ව සිටීමෙන් ශ්‍රවණ ආබාධයකට ලක්ව ඇති බව ද එමෙන්ම වම් ඇසක පෙනීමේ දුර්වලතාවයක් පවතින බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?