AFC Banner
AFC Banner
Empty Ad

බලංගොඩ පිරවුම්හලේ ඉන්ධනවලට ජලය මිශ්‍ර වීම හේතුවෙන් වාහන නතර වෙයි (වීඩියෝ)

බලංගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් ලබාගත් බස් සහ ලොරි රථ කිහිපයක් ඊයේ රාත්‍රියේ අතරමග නතර වී තිබුණා.

මෙලෙස නැවතුණු බස් සහ ලොරි රථ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් වලට විශාල වශයෙන් ජලය මිශ්‍ර වී ඇති බවයි.

බලංගොඩ සමූපකාර සමිතිය යටතේ කලමණාකරනය වන අදාළ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අයි. ඔි.සි. සමාගමෙි නිළධාරින් ඊයේ (13)දින රාත්‍රියේ කටයුතු කළා.

එහිදී ඩීසල් ටැංකියට ජලය මිශ්‍රකර ඇති බවට සොයාගෙන ඇති අතර, චෝදනා හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ සේවයෙන් ඉවත් කළ එහි හිටපු කළමනාකරු ඇතුළු පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව කල බවට සමූපකාර සමිතියේ කළමනාකාරීත්වය සැක මතු කරනවා.

මෙම ගැටලුව හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් නිකුත් කිරිම පැය කිහිපයකට නවතා දමා තිබුණා.

අදාළ පිරවුම්හලෙන් ඩිසල් ලබා ගත් අතරමග නතර වු වාහන වෙනත් වාහන මාර්ගයෙන් එම ඉන්ධන පිරවුම්හල වෙත ඇදගෙන ඒමට වාහන හිමියන් කටයුතු කළා.

කෙසේ නමුත් මේ වනවිට ජලය මිශ්‍ර වී තිබුණු ඩීසල් ටැංකියේ ඩීසල් ඉවත් කොට ටැංකිය මුළුමනින්ම පිරිසිදු කිරීමට කටයුතු කළ බවත්, නැවත ප්‍රමිතියෙන් යුතු ඩීසල් නිකුත් කිරීම ඇරඹු බවත් සමූපකාර සමිතියේ සභාපතිවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?