බලංගොඩ පිරවුම්හලේ ඉන්ධනවලට ජලය මිශ්‍ර වීම හේතුවෙන් වාහන නතර වෙයි (වීඩියෝ)

බලංගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් ලබාගත් බස් සහ ලොරි රථ කිහිපයක් ඊයේ රාත්‍රියේ අතරමග නතර වී තිබුණා.

මෙලෙස නැවතුණු බස් සහ ලොරි රථ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් වලට විශාල වශයෙන් ජලය මිශ්‍ර වී ඇති බවයි.

බලංගොඩ සමූපකාර සමිතිය යටතේ කලමණාකරනය වන අදාළ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අයි. ඔි.සි. සමාගමෙි නිළධාරින් ඊයේ (13)දින රාත්‍රියේ කටයුතු කළා.

එහිදී ඩීසල් ටැංකියට ජලය මිශ්‍රකර ඇති බවට සොයාගෙන ඇති අතර, චෝදනා හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ සේවයෙන් ඉවත් කළ එහි හිටපු කළමනාකරු ඇතුළු පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව කල බවට සමූපකාර සමිතියේ කළමනාකාරීත්වය සැක මතු කරනවා.

මෙම ගැටලුව හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් නිකුත් කිරිම පැය කිහිපයකට නවතා දමා තිබුණා.

අදාළ පිරවුම්හලෙන් ඩිසල් ලබා ගත් අතරමග නතර වු වාහන වෙනත් වාහන මාර්ගයෙන් එම ඉන්ධන පිරවුම්හල වෙත ඇදගෙන ඒමට වාහන හිමියන් කටයුතු කළා.

කෙසේ නමුත් මේ වනවිට ජලය මිශ්‍ර වී තිබුණු ඩීසල් ටැංකියේ ඩීසල් ඉවත් කොට ටැංකිය මුළුමනින්ම පිරිසිදු කිරීමට කටයුතු කළ බවත්, නැවත ප්‍රමිතියෙන් යුතු ඩීසල් නිකුත් කිරීම ඇරඹු බවත් සමූපකාර සමිතියේ සභාපතිවරයා සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06