බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස සභාපති සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ඔවුන් දෙදෙනාට නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වන්නේ.
මොවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බධනාගාරයේ වැඩ පැවරීමට කටයුතු කරන බවයි බධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බරපතළ වැඩ නියමව සිටින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීමේ හැකියාව පවතිනවා.
සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53.1ක් පාඩුවක් සිදු කිරීමට අදාළව මොවුන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ (29) ප්‍රකාශයට පත් කළා.
එහිදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවමක් සහ එවක සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් නියමකරනු ලැබුවා.
එම දඬුවම් නියම කිරීමෙන් පසු දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.





