බරපතළ වැඩ එක්ක හිරේට ගිය මහින්දානන්දට සහ නලින්ට බන්ධනාගාරයේ වැඩ පැවරෙන්නේ මෙහෙමයි

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස සභාපති සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනාට නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බධනාගාරයේ වැඩ පැවරීමට කටයුතු කරන බවයි බධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බරපතළ වැඩ නියමව සිටින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීමේ හැකියාව පවතිනවා.

සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට රුපියල් මිලියන 53.1ක් පාඩුවක් සිදු කිරීමට අදාළව මොවුන් දෙදෙනාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ (29) ප්‍රකාශයට පත් කළා.

එහිදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවමක් සහ එවක සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් නියමකරනු ලැබුවා.

එම දඬුවම් නියම කිරීමෙන් පසු දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11