බඹර ප්‍රහාරයකින් මව සහ පුතා මරුට

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හේවාහැට ප්‍රදේශයේ පදිංචි නිවස ආසන්නයේදී ඔවුන් දෙදෙනා පෙරේදා 10 මෙම බඹර ප්‍රහාරයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කිරිමේදී 59 හැවිරිදි පුත්‍රයා එදිනම මියගොස් තිබුණා.

ප්‍රතිකාර ලබමින් සිටි 85 හැවිරිදි කාන්තාව ද ඊයේ මියගොස් තිබෙනවා.

තම නිවස අසලදී ඔවුන් දෙදෙනා බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර මව බේරා ගැනීමට යාමේදී පුත්‍රයා ද බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

අනතුරුව දෙදෙනාම අසාධ්‍ය තත්ත්වයෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
11
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?