බඹර ප්‍රහාරයකින් මව සහ පුතා මරුට

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හේවාහැට ප්‍රදේශයේ පදිංචි නිවස ආසන්නයේදී ඔවුන් දෙදෙනා පෙරේදා 10 මෙම බඹර ප්‍රහාරයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කිරිමේදී 59 හැවිරිදි පුත්‍රයා එදිනම මියගොස් තිබුණා.

ප්‍රතිකාර ලබමින් සිටි 85 හැවිරිදි කාන්තාව ද ඊයේ මියගොස් තිබෙනවා.

තම නිවස අසලදී ඔවුන් දෙදෙනා බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර මව බේරා ගැනීමට යාමේදී පුත්‍රයා ද බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

අනතුරුව දෙදෙනාම අසාධ්‍ය තත්ත්වයෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34