බන්ධනාගාර බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අඹුසැමි යුවළකට බරපතල තුවාල

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝගී රැඳවියකු රැගෙන යමින් සිටි මාතර බන්ධනාගාරයට අයත් බස් රථයක යතුරුපැදිය ගැටී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

බන්ධනාගාර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නියාමකවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ අඹු සැමි යුවළ බණ්ඩාරගම නගරයේ සිට මොරන්තුඩුව දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී බන්ධනාගාර බස් රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බන්ධනාගාර බස් රථයේ දකුණු දකුණුපස ඉදිරි කොටසට බරපතල අලාභ සිදු වී ඇති අතර යතුරු පැදියට ද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

තුවාල ලැබූ යුවළ ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ලබාදී හොරණ මූලික රෝහල වෙත යොමු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔවුන් දෙදෙනා බණ්ඩාරගම හද්දගොඩ වටරවුම් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකාර බන්ධනාගාර නියාමක රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 01 05 at 15.02.282
WhatsApp Image 2023 01 05 at 15.02.26
WhatsApp Image 2023 01 05 at 15.02.261
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරාධිපති වුණාට ජනතාව අපහසුතාවයට පත්කරන්න බෑ
02:44
Video thumbnail
යුරෝපා සංගමයෙන් ලංකාවට දුන් ඇස් උඩයන තෑග්ග
00:45
Video thumbnail
දඹුල්ල නිවසක මහ රෑම එකපාරටම සිදුවූ අත්භූත සිදුවීම.."පට පට ගාලා සද්දයක් ආවා - ඇවිල්ලා බලද්දි.."
03:23
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08


?