බන්ධනාගාර නියාමකගේ යට ඇඳුම තුල තිබි හමුවූ දේ

තම යට ඇඳුම තුළ සඟවාගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රුපියල් දහසේ නෝට්ටුවක් රැගෙන යාමට උත්සාහ කළ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියාමකවරයා රාජකාරිය අවසන් කර රැඳවියන් බන්ධනාගාරය තුළට ඇතුළත් කිරීමෙන් අනතුරුව යළිත් බන්ධනාගාරය තුලට යාමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඔහුව සෝදිසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී උපක්‍රමශීලි ලෙස සඟවාගෙන සිටි රුපියල් දහසේ නෝට්ටුවක් ඔහුගේ යට ඇඳුමේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් ආධුනික නියාමකවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට යටත්ව ඔහු වැඩතහනමට ද ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?