බන්ධනාගාරයේ සිටින මහින්දානන්දට සෙත් පතා බෝධි පූජාවක්

බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අද (21) දිනට යෙදී ඇති 61 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (20) දින පස්වරුවේ නාවලපිටිය නගර සභා බෝධියේදි ඔහුට සෙත් පතා බෝධි පූජාවක් පවත්වා තිබෙනවා.

නාවලපිටිය නගර සභාවේ නගරාධිපති විසින් සංවිධානය කර තිබූ මෙම බෝධිපූජා පිංකම නාවලපිටිය ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ඕනෑගම අරියධම්ම හිමියන් විසින් පවත්වනු ලැබුවා.

මෙම බෝධි පූජා පිංකමට හිටපු අමාත්‍ය මහින්දානන්දගේ හිතවතුන් රැසක් ද සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !