බන්ධනාගාරයට නියම වූ සැකකරුවෙක් බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී පලායයි

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර සිටි රැඳවියෙක් අද (10) බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ පලාගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (09) වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරුව හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2330 ක් සමග අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (10) සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර බන්ධනාගාර නිළධාරින්ට භාරදී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරු බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී දිවගොස් කළුතර නගරය දෙසට පලාගොස් සැගව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සහ බන්ධනාගාර නිළධාරින් එක්ව පලාගිය සැකකරු සොයා විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?