බන්ධනාගාරයට නියම වූ සැකකරුවෙක් බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී පලායයි

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර සිටි රැඳවියෙක් අද (10) බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ පලාගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ (09) වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරුව හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2330 ක් සමග අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (10) සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර බන්ධනාගාර නිළධාරින්ට භාරදී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරු බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී දිවගොස් කළුතර නගරය දෙසට පලාගොස් සැගව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සහ බන්ධනාගාර නිළධාරින් එක්ව පලාගිය සැකකරු සොයා විමර්ශන පවත්වනවා.

  1. ග්‍රීස් ගාගෙනද දන්නෙ නෑ සැකකරු හිටියෙ නේද ? අදාල බන්ධනාගාර නිලධාරීන් ගැන ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද? ඒ අය තව දුරටත් බන්ධනාගාර සේවයට සුදුසුද ?
    වහාම ඒ අයව ගෙදර යවලා මේ රටේ ඉන්න දහස් ගනන් නිර්භීත තරුණයන්ට අවස්ථාව දිය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40