බදු වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු ගුවන් තොටේදී ආපසු හරවා යවයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් පනවා තිබූ මෙරටට වාහන ආනයනය කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන පෙල ව්‍යාපාරිකයෙකු අද දින අලුයම ඩුබායි බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා අද දින අලුයම 02.55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යෑම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා රේගුවට බදු වංචා කරමින් වාහන 110ක් පමණ මෙරටට ගෙන ඒමට තැත් කිරීම පිළිබඳව මෙම ව්‍යාපාරිකයාට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එම අධිකරණය මගින් මෙම ගුවන් ගමන් තහනම මෙම ව්‍යාපාරිකයාට එරෙහිව පනවා තිබේ.

මෙම ව්‍යාපාරිකයා සංචාරක වීසා යටතේ ඩුබායි වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ අයවැයට පක්ෂව ඡන්දේ දීපු විපක්ෂ මන්ත්‍රීවරිය පක්ෂ මූලස්ථානයට
06:08
Video thumbnail
අජිත් පෙරේරා මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..විනාඩි 2න් කිව්වත් පැය බාගයෙන් කිව්වත් වැරදිනම් වැරදි
06:56
Video thumbnail
මම පාර්ලිමේන්තුව ආවේ තොසේ කන්න නෙමෙයි
01:16
Video thumbnail
අධ්‍යාපනයේ පියා ළඟට යන්න විපක්ෂය සැරසෙයි
05:55
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56


?