AFC Banner
Empty Ad
Empty Ad

බදු පිළිබඳව සියළු තොරතුරු අද හෙළිකිරීමේ සූදානමක්

බදු පිළිබඳව සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ සඳහන් කළා.

ඒ, අනුව අද (26) පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර හිඟ බදු අය කරගනිමින් මෙතරම් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ වකවානුව මෙම වකවානුව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර, එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බදු පිළිබඳ සියලු තොරතුරු අද දිනයේ රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් අනාවරණය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?