බදු ජාලයේ සිදුරු 75%ක් වසා දැමීමට සැරසෙයි – රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ වාර්තාව 12 වනදා ජනපතිට

මහ බැංකුව පොළී අනුපාත පහත දැමීමට අනුව යමින් පොළී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බංකුව අනුව යමින් පොළී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි.

සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර රාජ්‍ය ආදායම් ඉහළ නැංවා ගැනීම පිළිබඳ වාර්තාව ලබන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බව අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කරන බවයි ඔහු පැවසුවේ.

තව දුරටත් ජනතාව වෙත කිසිදු නව බදු බරක් ඇති නොකරමින් ආදායම් කළමනාකරණය කිරීම පිළිබඳ යෝජනා ගණනාවක් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

බදු ජාලයේ පවතින සිදුරු වසමින් එය පුළුල් කිරීම පිළිබඳ යෝජනා, ආදායම් උපයා දෙන ආයතනවල සේවක ගැටලු ඇතුළු කරුණු රැසක් ද ඊට ඇතුළත්.

මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත ඇදීයාම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආදායම් වැඩිකර ගැනීම සඳහා මිල ඉහළ දැමීම වෙනුවට වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.

ඉදිරියේ දී ජනතාව මත කිසිදු නව බද්දක් පැනවීමට රජය අදහස් නොකරන බවත්, රජයේ අපේක්ෂාව හැකි සෑම අවස්ථාවකදීම ජනතාව බදු බරෙන් නිදහස් කිරීම බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බදු දැලෙන් පලා යන පුද්ගලයන් ඊට හසුකර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් බදු ජාලයේ සිදුරු 75%ක් වසා දැමීම සිය අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
48
+1
6
+1
2
+1
5
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33