බදු ඉවත් කරන්නැයි ඉල්ලා පාකිස්තානයේ තිරිඟු පිටි මෝල්හිමිකරුවන් වර්ජනයක් අරඹයි

මෙවර අයවැයෙන් පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මත අලුතින් පනවා ඇති රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ මෝල් හිමියන් විසින් කැඳවා ඇති අඛණ්ඩ වැඩවර්ජනය මධ්‍යයේ ඉදිරි දිනවල දී එරට තිරිඟු පිටි හිඟයක් ඇති වීමේ අවදානමක් මතු ව තිබෙනවා.

සින්ද් පළාත පුරා පිටි මෝල් වසා දැමීමෙන් දැඩි මූල්‍ය පීඩාවකට පත්ව සිටින රට පුරා තිරිඟු ඇඹරීම සහ පිටි සැපයුම අඩාල වුණා.

මෝල්වල වැඩ කරමින් සිටි දෛනික වැටුප් කම්කරුවන්ට රැකියාවක් සහ ආදායමක් අහිමි වී එහි වඩාත් බරපතළ තත්ත්වයයි.

හයිද්‍රාබාද් සහ සුක්කුර් ඇතුළු සින්ද්හි විවිධ නගරවල චක්කිස් ලෙස හැඳින්වෙන කුඩා තිරිඟු ඇඹරුම් ඒකක ද සහයෝගීතාව පෙන්වීම සඳහා වර්ජනයට එක්වීමෙන් පසු දේශීය පිටි නිෂ්පාදන පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වන විට තොග වෙළඳපොලේ ඇත්තේ දින දෙකකට පමණක් ප්‍රමාණවත් පිටි තොගයක් බව වෙළෙදපොළ ප්‍රකාශකයන් උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.

පිටි හිඟය දැනටමත් ඉහළ යන උද්ධමනයට එරෙහිව සටන් කරන මැදි ආදායම් සහ පහළ ආදායම් ලබන කුටුම්භ බරපතළ පීඩාකාරී තත්ත්වයකට පත් කරනු ඇතැයි ද ඩොන් පුවත්පත වාර්තා කරනවා.

IMF සහාය ලබා ගැනීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා දැඩි මූල්‍ය ගැලපුම් කිරීම හේතුවෙන් පාකිස්තානුවන් දැඩි සෘජු හා වක්‍ර බදු බරකින් පීඩා විඳිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21