බදු අභියාචනාවක් විභාග කිරීමට වසර 06 කට අධික කාලයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝදනයේදී ඇතුළත් වියයුතු කරුණු සම්බන්ධයෙන් බදු අභියාචනා කොමිෂන් සභාවේ අදහස් ලබාගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා
පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු‍ව තුළ බදු අභියාචනා ලිපි ග‍ොනුවක් මාස 40කට අධික කාලයක් පවතින බවත් අනතුරුව එම බදු අභියාචනාව, බදු අභියාචනා කොමිෂන් සභාවට යොමුකළ පසු වසර දෙකක් වැනි කාලයක් පරීක්ෂා කිරීම සිදුවන බව කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

කොමිෂන් සභාවෙන් පසු එම අභියාචනාව, අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන අතර, අදාළ බදු අභියචානාව සම්බන්ධයෙන් තීරණයක් ලැබීමට එහිදී අවම වශයෙන් වසරක කාලයක්වත් ගත වන බව කොමිෂන් සභා නිලධාරීන් කරුණු දක්වමින් කාරක සභාවට පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර බලා, කොමිෂන් සභාව වෙත යොමු කරන බදු අභියාචනා, එම කොමිසම තුළ පරීක්ෂා කිරීමේදී 95% පමණ දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිගමන සමඟ සැසඳෙන බව කාරක සභාවේ දී හෙළිවූ අතර, ඒ හේතුවෙන් බදු අභියාචනා පරීක්ෂා කිරීම සඳහා පවතින කාල වකවානු සංශෝදනය කිරීමේ දැඩි අවශ්‍යතාවය කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

මෙලෙස අදාළ පුද්ගලයින්ට හිඟ බදු ගෙවීම මඟ හරිමින් අභියාචනා යොමු කිරීමට පවතින විශාල කාල පරාසය සංශෝදනය කරමින් එක් අභියාචනාවක් උපරිම වසර දෙකක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට යෝජනාකරන බව සභාපතිවරයා පැවසුවා.

බදු ගෙවීම් හිතා මතා පැහැර හරිමින් කටයුතු කරන පිරිස හඳුනාගෙන ඔවුන්ගෙන් එම බදු මුදල් ලබගන්නෙම් VAT, උපයනවිට බදු ආදී ගෙවීම් තුළින් පීඩාවට පත්වී සිටින සාමාන්‍ය මහජනතාවට යම් සැනසීමක් ලබාගත හැකි බව කාරක සභා සාමාජිකයින් කරුණු දක්වමින් පැවසුවා.

තවද බදු අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අංශයක් ඇතිකිරීමේ වැදගත්කමද බදු අභියාචනා කොමිෂන් සභා නිලධාරීන මෙහිදී සිහිපත් කළා.

ඒ, අනුව මාස 06ක් වැනි කාලයක් තුළ දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝදනය කිරීම තුළින් මෙරට බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගැනීම වෙනුවෙන් අදාළ සියලු අංශ වඩාත් කැපවීමෙන් කටයුතුකරන බව සභාපතිවරයා සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?