බදු අභියාචනාවක් විභාග කිරීමට වසර 06 කට අධික කාලයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝදනයේදී ඇතුළත් වියයුතු කරුණු සම්බන්ධයෙන් බදු අභියාචනා කොමිෂන් සභාවේ අදහස් ලබාගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා
පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු‍ව තුළ බදු අභියාචනා ලිපි ග‍ොනුවක් මාස 40කට අධික කාලයක් පවතින බවත් අනතුරුව එම බදු අභියාචනාව, බදු අභියාචනා කොමිෂන් සභාවට යොමුකළ පසු වසර දෙකක් වැනි කාලයක් පරීක්ෂා කිරීම සිදුවන බව කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

කොමිෂන් සභාවෙන් පසු එම අභියාචනාව, අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන අතර, අදාළ බදු අභියචානාව සම්බන්ධයෙන් තීරණයක් ලැබීමට එහිදී අවම වශයෙන් වසරක කාලයක්වත් ගත වන බව කොමිෂන් සභා නිලධාරීන් කරුණු දක්වමින් කාරක සභාවට පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කර බලා, කොමිෂන් සභාව වෙත යොමු කරන බදු අභියාචනා, එම කොමිසම තුළ පරීක්ෂා කිරීමේදී 95% පමණ දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිගමන සමඟ සැසඳෙන බව කාරක සභාවේ දී හෙළිවූ අතර, ඒ හේතුවෙන් බදු අභියාචනා පරීක්ෂා කිරීම සඳහා පවතින කාල වකවානු සංශෝදනය කිරීමේ දැඩි අවශ්‍යතාවය කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

මෙලෙස අදාළ පුද්ගලයින්ට හිඟ බදු ගෙවීම මඟ හරිමින් අභියාචනා යොමු කිරීමට පවතින විශාල කාල පරාසය සංශෝදනය කරමින් එක් අභියාචනාවක් උපරිම වසර දෙකක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට යෝජනාකරන බව සභාපතිවරයා පැවසුවා.

බදු ගෙවීම් හිතා මතා පැහැර හරිමින් කටයුතු කරන පිරිස හඳුනාගෙන ඔවුන්ගෙන් එම බදු මුදල් ලබගන්නෙම් VAT, උපයනවිට බදු ආදී ගෙවීම් තුළින් පීඩාවට පත්වී සිටින සාමාන්‍ය මහජනතාවට යම් සැනසීමක් ලබාගත හැකි බව කාරක සභා සාමාජිකයින් කරුණු දක්වමින් පැවසුවා.

තවද බදු අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අංශයක් ඇතිකිරීමේ වැදගත්කමද බදු අභියාචනා කොමිෂන් සභා නිලධාරීන මෙහිදී සිහිපත් කළා.

ඒ, අනුව මාස 06ක් වැනි කාලයක් තුළ දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝදනය කිරීම තුළින් මෙරට බදු අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගැනීම වෙනුවෙන් අදාළ සියලු අංශ වඩාත් කැපවීමෙන් කටයුතුකරන බව සභාපතිවරයා සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36