බදුල්ල මහ රෝහලට කොවිඩ් නිසා දරුණු බලපෑමක්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55 දෙනෙකුට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධිකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් නවදෙනාගෙන් වෛද්‍යවරු හයදෙනකුට ඊයේ දිනය වනවිට කෝවිඩ් ආසාදිත වී ඇති බවත් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයකුටද කෝවිඩ් ආසාදිත වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?