බදුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) දිනයට අදාළව නිකුත් කර ඇති කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?