බදුල්ලේ 25 හැවිරිදි තරුණයෙක් මරුට

පිත්තල මල්පෝච්චියකින් සහ පුටුවකින් පහරදී බ‍රපතළ තුවාල ලබා සිටි පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ බදුල්ල – ඔලියමණඩිය ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි තරුණයෙක්.

පවුල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?