AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ලේ සිසුන් දෙදෙනෙක් අවසන් ගමන් යැවූ කැබ් අනතුරේ දර්ශන එළියට (වීඩියෝ)

බදුල්ල ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය අතර පැවති රථ පෙළපාලියක කැබ් රථයක් පෙරළී එහි ගමන්ගත් පාසල් ළමුන් දෙදෙනෙක් අද (01) දහවල් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් එහි ගමන් ගත් පිරිසෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කළේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ධර්මදූත විද්‍යාලයේ උසස්පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

ක්‍රීඩා පිටියක් තුළ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු ඒ අසළ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා.

https://youtu.be/zrODlpNYq6U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?