පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට විදෙස්ගත වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාස 03ක කාලයකට අවසර ලබාදෙයි
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මාස 3ක කාලයක් සඳහා අදාළ අවසරය ලබාදී ඇත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා ඇප මත මුදාහැරුණි.
ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් වු නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇප නියම කර තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




