බත්වලට වඩා වැඩි ප්‍රෝටීන් ගුණයකින් යුත් ‘මස් බත්’ සොයාගැනේ

දකුණු කොරියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් එක් ව නව දෙමුහුන් ආහාර වර්ගයක් සොයාගෙන තිබෙනවා.

BBC මාධ්‍ය වාර්තා කරන පරිදි එය ‘මස් බත්’ (Meaty Rice) නමින් හඳුන්වන්නකි.

මෙම නව නිෂ්පාදනය ප්‍රෝටීන් මනාවට ඇතුළත්, පරිසර හිතකාමී බත් විශේෂයක් බවත් වාර්තා වනවා.

මිනිස් ශරීරයට දැරිය හැකි ආකාරයේ ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙම නව නිෂ්පාදනයෙන් ලැබෙන බව ද දකුණු කොරියානු විද්‍යාඥයන් පවසනවා.

මෙම නව ආහාරය හරක් මස් උපයෝගී කර නිර්මාණය කර ඇත්තේ ධාන්‍යය ආකාරයෙන් ය.

එහි හරක් මස්වල මාංශ පේශී කොටස්, සෛල සහ මේදය අඩංගු බව ද වාර්තා වනවා.

සහල්වල මෙම හරක් මස් ද්‍රාවණය ආලේප කර එය සෛලවලට ඇලී සිටීමට උපකාරී වන අන්දමින් දින 11ක කාලයක් රසායනාගාර උෂ්ණත්වය යටතේ පෙට්‍රි දීසිවල බහා ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

පර්‍යේෂකයින් පවසන්නේ මෙම නව නිෂ්පාදනය අනාගතයේ දී සාගතයකට, යුද පෙරමුණක දී හමුදාවට සහ අභ්‍යවකාශ කටයුතු සඳහා උපයෝගී කරගත හැකි බවයි.

එය සාමාන්‍ය ජනතාව භාවිතා කරන ආකාරයේ වෙළෙඳපොළකට නිකුත් කළ හැකි දැයි යන්න සොයා බැලිය යුතු බව ද දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිස පවසනවා.

මෙම දෙමුහුන් සහල් ප්‍රභේදය සාමාන්‍ය සහල්වලට වඩා තරමක් තද බවකින් යුක්ත අතර, එය වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත බවට Matter සඟරාව ද වාර්තා කරනවා.

දකුණු කොරියාවේ යොන්සේ විශ්වවිද්‍යාලයේ පර්‍යේෂකයන්ට අනුව, එහි ප්‍රෝටීන් 8%ක්, මේදය 7% ක් සාමාන්‍ය සහල්වලට වඩා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
34
+1
59
+1
24
+1
7
+1
10
+1
10
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?