බත්තරමුල්ලේ සුරංගගේ මව සහ නැගණිය අත්අඩංගුවට

බත්තරමුල්ල – උඩුමුල්ල පාරේ, කොට්ටගේවත්ත ප්‍රදේශවාසීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන බත්තරමුල්ලේ සුරංග නැමැත්තාගේ මව සහ නැගණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) උදෑසන සුරංග නමැත්තා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුට තර්ජනය කොට බිය වද්දා, පහර දී තුවාල සිදුකර තිබෙනවා.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.

අනතුරුව සුරංග නමැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ නැගණිය තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?