AFC Banner
AFC Banner
Empty Ad

බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීමට අවධානය

MOP හෙවත් බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4500කින් මිල පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩ‍ලයේ දී මේ සම්බණ්ධව රජයේ අවධානය යොමු කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට වෙළඳපොලේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළඳපොළ තුළ තරඟකාරීත්වයක් මතු වී තිබෙනවා.

එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවුනාක් මෙන් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තව දුරටත් අඩු වනු ඇති බවටයි පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන් ම පසුගිය කාලය තුළ පොහොර ආනයනය කරන සහ බෙදාහරින පුද්ගලික සමාගම් රට තුළ පැවතියේ 06ක් වැනි සුළු ප්‍රමාණයක්.

නමුත් දැනට මෙරටට ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් එම සමාගම් වෙතින් ඉල්ලා සිටි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?