බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් පහළ දැමීමට අවධානය

MOP හෙවත් බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4500කින් මිල පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩ‍ලයේ දී මේ සම්බණ්ධව රජයේ අවධානය යොමු කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට වෙළඳපොලේ MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළඳපොළ තුළ තරඟකාරීත්වයක් මතු වී තිබෙනවා.

එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි කාලයේ දී යූරියා පොහොර මිල අඩුවුනාක් මෙන් TSP හෙවත් මඩ පොහොර සහ MOP හෙවත් බණ්ඩි පොහොර මිල ගණන් ද තව දුරටත් අඩු වනු ඇති බවටයි පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන් ම පසුගිය කාලය තුළ පොහොර ආනයනය කරන සහ බෙදාහරින පුද්ගලික සමාගම් රට තුළ පැවතියේ 06ක් වැනි සුළු ප්‍රමාණයක්.

නමුත් දැනට මෙරටට ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් එම සමාගම් වෙතින් ඉල්ලා සිටි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43