බගවන්තලාවේ 08 හැවිරිදි සිසුවියක් චෝලන් ලෝක වාර්තා පොතට (ඡායාරූප)

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432ක් විනාඩි 04ක් තුළ නම් කරමින් 08 හැවිරිදි සිසුවියක් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දරුවෙකු බවට චෝලන් ලෝක වාර්තා පොතට (Cholan Book Of World Records) එක්වී තිබෙනවා.

අද මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ බගවන්තලාව හෝලි රොසරි (Holy Rosary) දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවියයි.

බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි දැරිය බගවන්තලා හෝලි රොසරි දමිළ මහා විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටිනවා.

දැරිය පෙර පාසල් වයසේ සිටම හොඳ මතක ශක්තියක් ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් වටහා ගෙන තිබුණා.

ඒ අනුව චෝලන් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සංකර්දාස් කණිෂ්කාගේ දෙමව්පියන් අදාළ ආයතනයෙන් කළ ඉල්ලීමක් මතයි එම ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති නාගවාණි රාජා මහතා සහභාගී වෙමින් මෙම වාර්තාව අධීක්ෂණය කර ඇත්තේ.

චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන පාසල් සිසුවියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සුබ පැතුම් ද හිමි වුණා.

සිසුවිය වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු චෝලන් ආයතනයේ ශ්‍රී ලංකාවේ උප සභාපති නාගවාණි රාජා මහතා කියා සිටියේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන තම ආයතනය ලෝකයේ රටවල් 26ක ක්‍රියාත්මක වන බවයි.

දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල මෙවැනි දක්ෂතා ඇති දරුවන් හදුනාගෙන ඔහුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට රැගෙන ඒමේ අරමුණින් තම ආයතනය මගින් චෝලන් ලෝක වාර්තා පොත පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළා.

01 1 1
01 2 2
01 3
01 4 1
01 5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?