බගවන්තලාවේ 08 හැවිරිදි සිසුවියක් චෝලන් ලෝක වාර්තා පොතට (ඡායාරූප)

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432ක් විනාඩි 04ක් තුළ නම් කරමින් 08 හැවිරිදි සිසුවියක් ලොව ඉහලම මතක ශක්තියක් ඇති දරුවෙකු බවට චෝලන් ලෝක වාර්තා පොතට (Cholan Book Of World Records) එක්වී තිබෙනවා.

අද මෙම ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ බගවන්තලාව හෝලි රොසරි (Holy Rosary) දමිළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවියයි.

බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි දැරිය බගවන්තලා හෝලි රොසරි දමිළ මහා විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටිනවා.

දැරිය පෙර පාසල් වයසේ සිටම හොඳ මතක ශක්තියක් ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් වටහා ගෙන තිබුණා.

ඒ අනුව චෝලන් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සංකර්දාස් කණිෂ්කාගේ දෙමව්පියන් අදාළ ආයතනයෙන් කළ ඉල්ලීමක් මතයි එම ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති නාගවාණි රාජා මහතා සහභාගී වෙමින් මෙම වාර්තාව අධීක්ෂණය කර ඇත්තේ.

චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන පාසල් සිසුවියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන්ගේ සුබ පැතුම් ද හිමි වුණා.

සිසුවිය වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු චෝලන් ආයතනයේ ශ්‍රී ලංකාවේ උප සභාපති නාගවාණි රාජා මහතා කියා සිටියේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන තම ආයතනය ලෝකයේ රටවල් 26ක ක්‍රියාත්මක වන බවයි.

දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල මෙවැනි දක්ෂතා ඇති දරුවන් හදුනාගෙන ඔහුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට රැගෙන ඒමේ අරමුණින් තම ආයතනය මගින් චෝලන් ලෝක වාර්තා පොත පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළා.

01 1 1
01 2 2
01 3
01 4 1
01 5 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28