බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි (වීඩියෝ)

උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට දී තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ බක් පුර පසළොස්වක පොහොය දිනයයි.

මේ අතර බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ නාගදීපයට වැඩම කරනු ලැබුවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි.

බක් පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

මේ අතර “දසත නිවුස්” විසින් ගෙන එනු ලබන “බෝපත” පොහෝදින විශේෂ වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ සීදුව, මූකලන්ගමුව සිරි සුගතාරාම විහාරස්ථානයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?