AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ විපක්ෂ ක්‍රියාකාරීන්ට නිදහස – පාර්ලිමේන්තුවත් විසුරුවා හරී

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා රටින් පලායාමෙන් පසු, එරට හමුදාව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ජාතිය අමතමින් හමුදා ප්‍රධානී ජෙනරාල් වකාර්-උස්-සමාන් නිවේදනය කළේ අන්තර්වාර රජයක් මඟින් බංග්ලාදේශය පාලනය කරන බවත් විරෝධතාකරුවන්ට සන්සුන් වන ලෙසයි.

මේ අතර බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව එරට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුළ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් ප්‍රධාන උපදේශක ලෙස නව රජයක් පිහිටුවීමට බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් රටතුළ පවතින වර්තවරණයක බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිරදඬුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලුම දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් කටයුතු කර තිබෙනවා.

එරට හමුදාපති ජෙනරාල් වකාර්-උස්-සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සිදුකළ සාකච්ඡාවකින් පසු බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙම නියෝගය අකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක්ව ඇති බව සඳහන්.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, බංග්ලාදේශ තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයේ මෑත කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු ගහන තරම් රටවල් පාලනය කරන්න ලේසි නෑ #sajith #anurakumaradissanayake #hirunika
Video thumbnail
හිරුණික මනාප ක්‍රියාන්විතය අරඹයි - අම්මෝ අම්මෝ කට ඇරියොත් පළාතක් ඉවරයි#hirunika_premachandra
04:43
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
10:14
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
13:57
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43

?