බංග්ලාදේශ අගමැතිනි හසීනා ඉල්ලා අස්වෙයි – අගමැතිනිය රටින් පැන්නාද? (වීඩියෝ)

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (05) දහවල් අග්‍රාමාත්‍යවරිය තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ අගමැතිනි හසීනා ඇතුළු එරට රජයට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ශිෂ්‍ය කණ්ඩායම් සහ සිවිල් ක්‍රියාකාරීන් පසුගියදා දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාවක් රට පුරා ආරම්භ කළා.

එම උද්ඝෝෂණ වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීම හේතුවෙන් ඊයේ (04) දිනය වන විට පොලිස් නිලධාරීන් ඇතුළු විරෝධතාකරුවන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එවන් පසුබිමකදියි බංග්ලාදේශ අගනුවර වන ඩකා නිල නිවසේ රැඳී සිටිමින්, ධුරයෙන් ඉවත් ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වුණේ.

කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ෂීක් හසීනා අග්‍රාමාත්‍යවරිය රටින් හොර රහසේ ම පලා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි ඇය ඩකා අගනුවර සිට සිය සහෝදරිය සමග ඉන්දියාවට හෙලිකොප්ටරයකින් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තව ස්වල්ප වේලාවකින් එරට හමුදා ප්‍රධානිය ජාතිය ඇමතීමට සූදානම් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
6
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?