බංග්ලාදේශ අගමැතිනි හසීනා ඉල්ලා අස්වෙයි – අගමැතිනිය රටින් පැන්නාද? (වීඩියෝ)

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (05) දහවල් අග්‍රාමාත්‍යවරිය තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ අගමැතිනි හසීනා ඇතුළු එරට රජයට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ශිෂ්‍ය කණ්ඩායම් සහ සිවිල් ක්‍රියාකාරීන් පසුගියදා දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාවක් රට පුරා ආරම්භ කළා.

එම උද්ඝෝෂණ වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීම හේතුවෙන් ඊයේ (04) දිනය වන විට පොලිස් නිලධාරීන් ඇතුළු විරෝධතාකරුවන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එවන් පසුබිමකදියි බංග්ලාදේශ අගනුවර වන ඩකා නිල නිවසේ රැඳී සිටිමින්, ධුරයෙන් ඉවත් ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වුණේ.

කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා කරන පරිදි ෂීක් හසීනා අග්‍රාමාත්‍යවරිය රටින් හොර රහසේ ම පලා ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි ඇය ඩකා අගනුවර සිට සිය සහෝදරිය සමග ඉන්දියාවට හෙලිකොප්ටරයකින් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තව ස්වල්ප වේලාවකින් එරට හමුදා ප්‍රධානිය ජාතිය ඇමතීමට සූදානම් බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55