බංග්ලාදේශයේ දී පැහැර ගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවළ නිරුපද්‍රිතව මුදාගැනේ

බංග්ලාදේශයේ දී පැහැර ගැනීමකට ලක් වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරික යුවළක් නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක නිරත යුවළක් බංග්ලාදේශ සංචාරයක් අතුරතුර දී කප්පම් කල්ලියක් විසින් පෙරේදා (23) දින පැහැරගැනීමට ලක්ව තිබුණා.

එහිදී කප්පම් කල්ලිය පවසා තිබුණේ ඔවුන් මුදා හැරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන 20ක මුදලක් ලබාදෙන ලෙසයි.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් ඒ බව ශ්‍රී ලංකා රජය වෙත දැන්වීමෙන් අනතුරුව ඔවුන් ඉන් මුදා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාල බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එම උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය සහ විදේශ කටයතු අමාත්‍යංශයේ සුනිල් සිල්වා බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සමඟ එක්ව කප්පම් කල්ලිය භාරයේ සිටි එම යුවල මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශයේ පොලිසියේ සහාය ඇතිව සිදුකරන ලද සුවිශේෂ මෙහෙයුමකදී අදාළ ශ්‍රී ලාංකික යුවළ මුදාගැනීමට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

මේ වනවිට එරට පොලිස් ආරක්ෂාව යටතේ සිටින එම ශ්‍රී ලාංකික යුවළ අද (25) දින දිවයිනට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20
Video thumbnail
හදිසියේම දෙහිවල පොලිසිය කළ විශේෂ මෙහෙයුම.. ගිනි අවියක් සොයාගයි
02:14
Video thumbnail
ගල් බෝතලයක් නිසා පාර්ලිමේන්තුව රත්වෙයි..ප්‍රශ්නේ තමයි මේ අහන්නේ..මොන නාඩගමක්ද?
04:26


?