AFC Banner
AFC Banner
Empty Ad

බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අලි ඇතුන් හදාවඩා ගැනීම සඳහා නිකුත්කර තිබූ සියලුම බලපත්‍ර බංග්ලාදේශ මහාධිකරණය විසින් අත්හිටුවීම කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ වනයේ සිටින අලි ඇතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගෙනයාමේ හැකියාව හිමිවන්නේ නැහැ.

බංග්ලාදේශයේ දැනට අලි ඇතුන් 200ක් පමණ අඩු සංඛ්‍යාවක් ජීවත්වන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වහල්භාවයේ ජීවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එම සතුන්ගෙන් බහුතරයක් සර්කස්, වීදි සංදර්ශන සඳහා හෝ සිඟමන් යැදීම සඳහා යොදාගෙන ඇති බව සඳහන්.

බංග්ලාදේශය ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම ඔවුන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරනවා.

මෙම අධිකරණ තීරණයත් සමඟ වහල්භාවයේ සිටින අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?