බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අලි ඇතුන් හදාවඩා ගැනීම සඳහා නිකුත්කර තිබූ සියලුම බලපත්‍ර බංග්ලාදේශ මහාධිකරණය විසින් අත්හිටුවීම කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ වනයේ සිටින අලි ඇතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගෙනයාමේ හැකියාව හිමිවන්නේ නැහැ.

බංග්ලාදේශයේ දැනට අලි ඇතුන් 200ක් පමණ අඩු සංඛ්‍යාවක් ජීවත්වන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වහල්භාවයේ ජීවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එම සතුන්ගෙන් බහුතරයක් සර්කස්, වීදි සංදර්ශන සඳහා හෝ සිඟමන් යැදීම සඳහා යොදාගෙන ඇති බව සඳහන්.

බංග්ලාදේශය ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම ඔවුන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරනවා.

මෙම අධිකරණ තීරණයත් සමඟ වහල්භාවයේ සිටින අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18