බංග්ලාදේශයෙන් ලැබුණු ජීවිතාරක්ෂක ඖෂධ තොගය

බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලද, කිලෝ 1,000ක පමණ බරකින් යුත් තවත් ජීවිතාරක්ෂක ඖෂධ තොගයක් නොමිලේ මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

මෙය විදේශ රජයන් හා සංවිධාන මගින් මෙරටට පරිත්‍යාග කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගාස්තු අයකිරීමකින් තොරව මෙරටට රැගෙන එමින් ජාතික මෙහෙවරකට උරදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන උත්සාහයේ තවත් පියවරක් බවයි එම සමාගම නිවේදනය කළේ.

බංගලාදේශය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඖෂධ, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් වන Beximco Pharma, Square, Incepta, Renata, Unimed Unihealth, Healthcare, Beacon, Acme, Synovia Pharma සහ Nuvista Pharma මගින් නිෂ්පාදන කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙනුයි මෙම ඖෂධ තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ.

“රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් යම් ගැටලුවලට මුහුණ දී සිටින මෙවන් මොහොතක, අවස්ථාවක් ලැබුණු සැණින් අපට හැකි උපරිමයෙන් රටටත් ජනතාවටත් අපගේ සහයෝගය ලබාදීමට අප සූදානම්. අතීතයේ පටන් අවස්ථා රාශියකදී ලොව විවිධ රටවල් හා සංවිධාන පරිත්‍යාග කළ ඖෂධ තොග මෙලෙස දිවයිනට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීත් මෙලෙසින්ම ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක ඖෂධ තොග නිසි පරිදි පවත්වාගැනීමට දායක වීමට අප සූදානම්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කළා.

“දකුණු ආසියාවේ මිත්‍ර රටවල් දෙකක් වන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අතිශය ගැඹුරු හා සමීප සම්බන්ධතාවක්. කාලයත් සමග නොවෙනස්ව ඉදිරියට ගිය මේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වීමට අප කැප වී සිටිනවා.” බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමයේ සභාපති නස්මුල් හසන් මහතා සඳහන් කළා.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා අතර භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන ප්‍රධානතම ගුවන් සේවයයි. ඒ අනුව දෙරට අතර දෛනිකව කිලෝග්‍රෑම් 15,000 ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කොළඹ පිහිටි සිය සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පහසුකම් හේතුවෙන් බොහෝ භාණ්ඩ ප්‍රවාහන සමාගම් ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹී සිටින බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා නගරය අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, සෘජුව හා හවුල්කාරීත්වයන් හරහා තවත් ගමනාන්තයන් 100කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?