බංග්ලාදේශයෙන් ලැබුණු ජීවිතාරක්ෂක ඖෂධ තොගය

බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලද, කිලෝ 1,000ක පමණ බරකින් යුත් තවත් ජීවිතාරක්ෂක ඖෂධ තොගයක් නොමිලේ මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

මෙය විදේශ රජයන් හා සංවිධාන මගින් මෙරටට පරිත්‍යාග කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගාස්තු අයකිරීමකින් තොරව මෙරටට රැගෙන එමින් ජාතික මෙහෙවරකට උරදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන උත්සාහයේ තවත් පියවරක් බවයි එම සමාගම නිවේදනය කළේ.

බංගලාදේශය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඖෂධ, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් වන Beximco Pharma, Square, Incepta, Renata, Unimed Unihealth, Healthcare, Beacon, Acme, Synovia Pharma සහ Nuvista Pharma මගින් නිෂ්පාදන කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙනුයි මෙම ඖෂධ තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ.

“රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් යම් ගැටලුවලට මුහුණ දී සිටින මෙවන් මොහොතක, අවස්ථාවක් ලැබුණු සැණින් අපට හැකි උපරිමයෙන් රටටත් ජනතාවටත් අපගේ සහයෝගය ලබාදීමට අප සූදානම්. අතීතයේ පටන් අවස්ථා රාශියකදී ලොව විවිධ රටවල් හා සංවිධාන පරිත්‍යාග කළ ඖෂධ තොග මෙලෙස දිවයිනට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීත් මෙලෙසින්ම ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක ඖෂධ තොග නිසි පරිදි පවත්වාගැනීමට දායක වීමට අප සූදානම්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා ප්‍රකාශ කළා.

“දකුණු ආසියාවේ මිත්‍ර රටවල් දෙකක් වන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අතිශය ගැඹුරු හා සමීප සම්බන්ධතාවක්. කාලයත් සමග නොවෙනස්ව ඉදිරියට ගිය මේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වීමට අප කැප වී සිටිනවා.” බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමයේ සභාපති නස්මුල් හසන් මහතා සඳහන් කළා.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා අතර භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන ප්‍රධානතම ගුවන් සේවයයි. ඒ අනුව දෙරට අතර දෛනිකව කිලෝග්‍රෑම් 15,000 ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ කොළඹ පිහිටි සිය සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පහසුකම් හේතුවෙන් බොහෝ භාණ්ඩ ප්‍රවාහන සමාගම් ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹී සිටින බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා නගරය අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, සෘජුව හා හවුල්කාරීත්වයන් හරහා තවත් ගමනාන්තයන් 100කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29