AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයම යුද පිටියක් කළ කෝටා ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධනය කරයි

පුද්ගලයින් 151 දෙනෙකුට මරු කැඳවූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් අනතුරුව රජයේ රැකියා අයදුම්කරුවන් සඳහාවන කෝටා ක්‍රමය සංශෝධනය කිරීමට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයට අද තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයයේ නව තීරණයට අනුව රැකියාවලින් 93%ක් කුසලතා මත විය යුතු අතර, නිදහස් සටන්කාමීන්ගේ ඥාතීන්ට 5% ක් සහ වාර්ගික සුළුතර සාමාජිකයින්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා 2%ක් ලෙස සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.

තීන්දුව ලැබුණු වහාම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අසල වීදි නිහඬ වූ අතර, ඩකා අගනුවර පුරා හමුදා කණ්ඩායම් යොදවා ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේට්ටුවෙන් පිටත හමුදා ටැංකියක් ස්ථානගත කර ඇති බවයි තොරතුරු වාර්තා කළේ.

අපේක්ෂා කරන රජයේ රැකියා සඳහා දේශපාලනීකරණය වූ ඇතුළත් වීමේ කෝටාවට එරෙහි බංගලාදේශ සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය දින කිහිපය තුළම ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරත වුණා.

විරෝධතාවයේ නිරත සිසුන් ඉල්ලා සිටියේ 1971 දී පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% දක්වා වෙන් කරන කෝටා ක්‍රමය නතර කරන ලෙසටයි.

ඒ, අනුව නව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 30% ක්ව පැවති එම කෝටා ක්‍රමය 5%ක් දක්වා අඩුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55
Video thumbnail
සමගිය ඇතුළෙ කැකෑරෙන අසමගිය - රන්ජිත් මද්දුම බන්ඩාර සියල්ල හෙළි කරයි
04:32
Video thumbnail
වගකීම තියන්නේ අනුර ලග
03:40

?