බංග්ලාදේශයම යුද පිටියක් කළ කෝටා ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධනය කරයි

පුද්ගලයින් 151 දෙනෙකුට මරු කැඳවූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් අනතුරුව රජයේ රැකියා අයදුම්කරුවන් සඳහාවන කෝටා ක්‍රමය සංශෝධනය කිරීමට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයට අද තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයයේ නව තීරණයට අනුව රැකියාවලින් 93%ක් කුසලතා මත විය යුතු අතර, නිදහස් සටන්කාමීන්ගේ ඥාතීන්ට 5% ක් සහ වාර්ගික සුළුතර සාමාජිකයින්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා 2%ක් ලෙස සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.

තීන්දුව ලැබුණු වහාම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අසල වීදි නිහඬ වූ අතර, ඩකා අගනුවර පුරා හමුදා කණ්ඩායම් යොදවා ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේට්ටුවෙන් පිටත හමුදා ටැංකියක් ස්ථානගත කර ඇති බවයි තොරතුරු වාර්තා කළේ.

අපේක්ෂා කරන රජයේ රැකියා සඳහා දේශපාලනීකරණය වූ ඇතුළත් වීමේ කෝටාවට එරෙහි බංගලාදේශ සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පසුගිය දින කිහිපය තුළම ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරත වුණා.

විරෝධතාවයේ නිරත සිසුන් ඉල්ලා සිටියේ 1971 දී පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30% දක්වා වෙන් කරන කෝටා ක්‍රමය නතර කරන ලෙසටයි.

ඒ, අනුව නව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 30% ක්ව පැවති එම කෝටා ක්‍රමය 5%ක් දක්වා අඩුකර තිබෙනවා.

  1. ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් නොදෙන මිනීමරු ආණ්ඩු ලෝකයේ කොහේ තිබුණත් සත්‍ය වශයෙන්ම හෙලා දකිමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06