බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කෙරේ

බංග්ලාදේශය සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයේ සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර, උප නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

මේ අතර අබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින සංචිතය සඳහා කැඳවා තිබීම ද විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, අකිල ධනංජය, ඩිල්ෂාන් මදුසංක, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කර ඇති ක්‍රීඩකයින් වනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
1
+1
11
+1
2
+1
4
+1
6
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?