බංගලීන්ගෙන් ඉන්දීය කණ්ඩායමට පීඩනයක් – ජඩේජා හා අශ්වින් ඉනිම ගොඩගනියි

තරග 02කකින් සමන්විත බංග්ලාදේශ – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (19) චෙන්නායි හි දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ෂැන්ටෝ තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව සත්කාරකයින්ට ලබාදීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පිතිකරණය ඇරඹුව ද මුල සිටම බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් ඉන්දියාවට එල්ල වුණා.

ලකුණු 250වන විට ද ඉන්දීය කණ්ඩායමෙන් කඩුලු 06ක් බිඳ වැටී තිබූ අතර කවදත් ලකුණු අතර සිටි නායක රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි ලකුණු 06කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් පස්වැනි කඩුල්ලට පිටියට පැමිණ සිටි ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ප්‍රවේසම්කාරී ලෙස ඉනිම ගොඩනගමින් ඊයේ දිනය නිමාවන විට නොදැවී ලකුණු 86ක් ලබා සිටියා.

ඔහුට අනගි සහාය ලබා දෙමින් රවිචන්ද්‍රන් අශ්වින් විශිෂ්ට ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණු අතර ඔහු නොදැවී ලකුණු 102ක් අතැතිව කඩුල්ලේ රැඳී සිටිනවා.

ආරම්භක පිතිකරු වූ ජයිස්වාල් ලකුණු 56යි.

කඩුලු බිඳ දැමීමේ දී හසන් මහම්මුද් කඩුලු 04ක් ද මෙහිඩි සහ රනා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

අද (20) තරගයේ දෙවැනි දිනයයි.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිටිනවා.

මෙම තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවට සමගාමීවයි පැවැත්වෙන්නේ.

ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනත් බංග්ලාදේශය සිව්වැනි තැනත් ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?