බංගලීන්ගෙන් ඉන්දීය කණ්ඩායමට පීඩනයක් – ජඩේජා හා අශ්වින් ඉනිම ගොඩගනියි

තරග 02කකින් සමන්විත බංග්ලාදේශ – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (19) චෙන්නායි හි දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ෂැන්ටෝ තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව සත්කාරකයින්ට ලබාදීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පිතිකරණය ඇරඹුව ද මුල සිටම බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් ඉන්දියාවට එල්ල වුණා.

ලකුණු 250වන විට ද ඉන්දීය කණ්ඩායමෙන් කඩුලු 06ක් බිඳ වැටී තිබූ අතර කවදත් ලකුණු අතර සිටි නායක රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි ලකුණු 06කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

කෙසේවෙතත් පස්වැනි කඩුල්ලට පිටියට පැමිණ සිටි ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ප්‍රවේසම්කාරී ලෙස ඉනිම ගොඩනගමින් ඊයේ දිනය නිමාවන විට නොදැවී ලකුණු 86ක් ලබා සිටියා.

ඔහුට අනගි සහාය ලබා දෙමින් රවිචන්ද්‍රන් අශ්වින් විශිෂ්ට ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණු අතර ඔහු නොදැවී ලකුණු 102ක් අතැතිව කඩුල්ලේ රැඳී සිටිනවා.

ආරම්භක පිතිකරු වූ ජයිස්වාල් ලකුණු 56යි.

කඩුලු බිඳ දැමීමේ දී හසන් මහම්මුද් කඩුලු 04ක් ද මෙහිඩි සහ රනා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

අද (20) තරගයේ දෙවැනි දිනයයි.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිටිනවා.

මෙම තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවට සමගාමීවයි පැවැත්වෙන්නේ.

ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනත් බංග්ලාදේශය සිව්වැනි තැනත් ගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23