AFC Banner
Empty Ad
Empty Ad

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය ප්‍රථම ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ්, කඩුලු 8 ක් දැවි ලකුණු 648 ක් ලබා සිටියදීයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 244 ක් ද, ධනංජය සිල්වා ලකුණු 166 ක් රැස්කරගැනීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවි ලකුණු 541 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ  පළමු ඉනිමට වඩා ලකුණු 107 ක් ඉදිරියෙන් සිටිනවා.

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?