පෞද්ගලික ආරවුලකට පියා හා පුතා මෝටර් රථ හප්පා ගනිති

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතෙකු සහ පියෙකු සිය මෝටර් රථ එකිනෙක හප්පාගෙන ඇති පුවතක් බේරුවලින් වාර්තා වනවා.

මෙම සිදුවීම අද අලුයම වාර්තා වී ඇත්තේ බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දීයි.

දෙපාර්ශ්වය අතර පවතින පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කුඩා වෑන් රියක් සහ මෝටර් රියක් මෙලෙස එකිනෙක හප්පාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පියා බේරුවල ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු අද බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් ගැන සොයා බැලීමට යමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී බේරුවල දෙස සිට පැමිණි ඔහුගේ පුතා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහුගේ පියාගේ බව හඳුනාගෙන ඔහු පැදවු කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා මෝටර් රථයට හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුතා පැමිණි වෑන් රථයට ද හානි සිදු ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නැහැ.

සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වෑන් රථය මේ වන විට බේරුවල පොලිසිය භාරයේ පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
3
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58