පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන වල (මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර අනෙකුත් වාහන) වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කිරීම.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුනොවීම නිසා, මහජනතාව අසීරුතාවයකට පත්වීම වැළැක්වීම සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අද දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී, ඔවුන්ගේ එකඟතාවය මත පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.15 වන සිකුරාදා දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කරන ලදි. මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බව මෙයින් නිවේදනය කරමි.

  1. 2021.10.27 වන දින සිට දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියළුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යථාවත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
  2. එසේම, අද දින සිට (2021.10.13) www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පස්වරු 5.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසීමට අද දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමඟ පවත්වන ලද සාකච්ඡාවේ දී තීරණය කරන ලදී.
  3. තවද, මින් පෙර දැන්වූ පරිදි 2021.08.12 දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍රහිමියන්ට 2021.12.31 වන දින දක්වා ලබාදී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බවද දන්වා සිටිමි.

බස්නාහිර පළාත් මාධ්‍ය අංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?