AFC Banner
AFC Banner
Empty Ad

පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට බෝම්බ ප්‍රහාරයක් – ළමුන් 05ක් ඇතුළු 07 දෙනෙකු මරුට

පාකිස්තානයේ පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරයට ගොදුරු ව එන්නත්කරණයට පැමිණි සිටි ළමුන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

පාකිස්තානයේ පෝලියෝ රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එරට බොහෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් පොදු ස්ථානවල මෙලෙස පෝලියෝ එන්නත්කරණය වැඩසටහන් සිදු වනවා.

එලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ පෝලියෝ එන්නත් වැඩසටහනක් බලුකිස්තානයේ නිරිතදිග පළාතේ මස්තුං නගරයේ බාලිකා පාසලක දී සිදු කෙරුණු අතර එම ස්ථානය ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය වත්මන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් තරයේ හෙළා දැක තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති ළමුන් පස්දෙනාම එම පාසලේ ඉගෙනුම ලබමින් සිටි අය බවත් ප්‍රහාරයෙන් තවත් 23 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රහ්මට් උල්ලා රොයිටර් පුවත් ඒජන්සියට කළ විමසීමක දී පවසා ඇත්තේ ඉලක්කය වූයේ දරුවන් හෝ වෙන සිවිලි වැසියෙකු නොව පෝලියෝ එන්නත් රැගෙන යන පොලිස් කණ්ඩායමක වෑන් රථයක් බවයි.

මෙම ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු ද සාප්පු හිමිකරුවෙකු ද මරණයට පත් ව තිබෙනවා.

පාසල අසල නවතා තිබූ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් පිපිරීමට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?