පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට බෝම්බ ප්‍රහාරයක් – ළමුන් 05ක් ඇතුළු 07 දෙනෙකු මරුට

පාකිස්තානයේ පෝලියෝ එන්නත් ව්‍යාපාරයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරයට ගොදුරු ව එන්නත්කරණයට පැමිණි සිටි ළමුන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

පාකිස්තානයේ පෝලියෝ රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එරට බොහෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් පොදු ස්ථානවල මෙලෙස පෝලියෝ එන්නත්කරණය වැඩසටහන් සිදු වනවා.

එලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ පෝලියෝ එන්නත් වැඩසටහනක් බලුකිස්තානයේ නිරිතදිග පළාතේ මස්තුං නගරයේ බාලිකා පාසලක දී සිදු කෙරුණු අතර එම ස්ථානය ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය වත්මන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් තරයේ හෙළා දැක තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති ළමුන් පස්දෙනාම එම පාසලේ ඉගෙනුම ලබමින් සිටි අය බවත් ප්‍රහාරයෙන් තවත් 23 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රහ්මට් උල්ලා රොයිටර් පුවත් ඒජන්සියට කළ විමසීමක දී පවසා ඇත්තේ ඉලක්කය වූයේ දරුවන් හෝ වෙන සිවිලි වැසියෙකු නොව පෝලියෝ එන්නත් රැගෙන යන පොලිස් කණ්ඩායමක වෑන් රථයක් බවයි.

මෙම ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු ද සාප්පු හිමිකරුවෙකු ද මරණයට පත් ව තිබෙනවා.

පාසල අසල නවතා තිබූ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් පිපිරීමට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32