පොළී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු ගැන මහ බැංකුවේ දැඩි අවධානය – රංජිත් සියඹලාපිටිය

මහ බැංකුව විසින් බැංකු පොළී අනුපාතික අඩු කරමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොළී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වකවානුවේ බැංකු පොළී අනුපාතික ඉහළ මට්ටමක පැවති වකවානුවේ ලබාගත්, දීර්ඝ කාලීන තැන්පතු සඳහා පොළී ගෙවීමේ දී වාණිජ්‍ය බැංකුවලට ද යම් ගැටළු සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවයි.

එහෙත් මහ බැංකුව විසින් නිකුත් කළ බැංකු පොළී අනුපාතිකවලට අනුව වාණිජ්‍ය බැංකු කටයුතු කරනු ඇතැයි දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව අපේක්ෂා කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

කෙසේ වෙතත් මහ බැංකුව මෙම බැංකු පොළී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිළිබදව සලකා බලා බැවින් , සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදිය ද එම චක්‍රලේඛයට අනුගතව කටයුතු කළ යුතුයි යන්න රජයේ ස්ථාවරය බව ඔහු කියා සිටියා.

එබැවින් ක්ෂණිකවම එම බැංකු පොළී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58