AFC Banner
AFC Banner
Empty Ad

පොළී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු ගැන මහ බැංකුවේ දැඩි අවධානය – රංජිත් සියඹලාපිටිය

මහ බැංකුව විසින් බැංකු පොළී අනුපාතික අඩු කරමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොළී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වකවානුවේ බැංකු පොළී අනුපාතික ඉහළ මට්ටමක පැවති වකවානුවේ ලබාගත්, දීර්ඝ කාලීන තැන්පතු සඳහා පොළී ගෙවීමේ දී වාණිජ්‍ය බැංකුවලට ද යම් ගැටළු සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවයි.

එහෙත් මහ බැංකුව විසින් නිකුත් කළ බැංකු පොළී අනුපාතිකවලට අනුව වාණිජ්‍ය බැංකු කටයුතු කරනු ඇතැයි දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව අපේක්ෂා කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

කෙසේ වෙතත් මහ බැංකුව මෙම බැංකු පොළී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිළිබදව සලකා බලා බැවින් , සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදිය ද එම චක්‍රලේඛයට අනුගතව කටයුතු කළ යුතුයි යන්න රජයේ ස්ථාවරය බව ඔහු කියා සිටියා.

එබැවින් ක්ෂණිකවම එම බැංකු පොළී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?