පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව බවට පිළිගැනෙයි

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වශයෙන් පිළිගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මූර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථික වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ආර්ථික, සමාජීය, පාරිසරික හා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ ගොනු කොට තිබෙනවා;

  • ‍පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්
  • ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්
  • නවීන ජීවිතයක් – පොහොසත් රටක්
  • අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්

එම ප්‍රධාන ක්ෂේත්‍ර 04 යටතේ උප ක්ෂේත්‍ර 40ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති මූලධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54