පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ බැංකු ගිණුමට

මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව හෙක්ටයාර් දෙකකට රුපියල් 50,000ක් ලබාදෙන බවයි.

මෙවර යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 80,000ක් පමණ අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන සති අන්තයේ සහ නිවාඩු දිනවලත් විවෘතව තබන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !