පොහොර ඉල්ලා අදත් උද්ඝෝෂණ

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් තවමත් දුෂ්කරතාවට මුහුණදී සිටින ප්‍රදේශ රැසක ගොවීන්ට ඒ සඳහා නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අදත් උද්ඝෝෂණ ක්‍රියාත්මක වුණා.

පාතදුම්බර – මඩවල නගරයේදී පොහොර හිඟයට විසඳුම් ඉල්ලා සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් ඇතුලු ගොවීන් අද දහවල් විරෝධතාවක නිරතවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, කුරුවිට නගරයේද පොහොර හිඟයට විසඳුම් ඉල්ලා අද විරෝධතාවක් පැවැත්වුණා.

මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර, ඔවුන් යළි පැමිණි අවස්ථාවේ සභාවේ කටයුතු අවසන් කර තිබීමත් සමඟ උණුසුම් තත්වයක්ද මතුවුණා.

එමෙන්ම, වැලිමඩ – ඌව පරණගම – කඳුරුගොල්ල ප්‍රදේශයේ ගොවීන් සහ වැලිමඩ – උඩුලුකුඹුර ප්‍රදේශයේ ගොවීන් අද විරෝධතාවක නිරත වූයේ පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්. මේ අතර, ඉඩම් අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 70ක වියදමින් මහ පරිමාණයේ කාබනික පොහොර ව්‍යාපෘති 35ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර – තිරප්පනේ – මධ්‍යම නුවර ගම් පළාතේ කාබනික පොහොර ව්‍යාපෘති දෙකක් විවෘත කෙරුණා. ඒ සඳහා ඉඩම් වෙන් කිරීමේ උත්සවය සිදුකෙරුණේ විෂ්‍ය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46